රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන, ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
මොහු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසූහ.










