අද (30) සවස කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටිස් ලේන් ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී 20 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.










