ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් ලබාගෙන මෙරට තුළ බෙදහරින AusiGift නමැති අන්තර්ජාල භාණ්ඩ බෙදාහරින ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පසුගිය සිකුරාදා (28) වටලනු ලැබීය. (Sri Lanka Latest News)
තොටළඟ පිහිටි ස්ථානයකදී වැටලීම සිදුකර තිබූ අතර, එහි තිබී කල්ඉකුත් වූ භාණ්ඩ කිහිපයක් හා ව්‍යාජ ලෙස දින වෙනස් කර අලෙවියට සූදානම් කළ භාණ්ඩ ගණනාවක් නිලධාරීන්ට හසුකරගත හැකිවිය.
නීති රෙගුලාසිවලින් තොර භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන් භාණ්ඩ තොගයට මුද්‍ර තබන ලදි.
වැටළීම සිදු කර තිබුනේ ඕස්ට්‍රෙලියාවේ ඥාතියෙකු විසින් ලංකාවෙහි ඥාතියෙකුට ඇණවුමක් හරහා ලබාදී තිබූ භාණ්ඩ පාර්සලයක සැකසහිත ද්‍රව්‍ය අඩංගුවීම මත ඇතිවූ සැකය නිසා පාරිභෝගික සේවා අධිකාරිය වෙත කළ පැමිණිල්ලක් අනුවයි.
Ada Derana










