ඉතාලි පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකීය ළාබාල තරුණයකු අතින් ඉතාලි ජාතික තරුණියක ඝාතනය වී ඇතැයි වාර්තා වේ. (Sri Lanka Latest News)
ඉතාලි ජාතික තරුණිය නමින් මිෂෙල්ය. ඇය අධ්‍යාපනය ලබමින් සිටියාය. සැකකාර දාහත් හැවිරිදි ශ්‍රී ලාංකීය තරුණයා ද තවමත් අධ්‍යාපනය ලබන්නේය.
කලක සිට මිශෙල් සහ ලාංකීය තරුණයා අතර දැඩි මිත්‍රත්වයක් පැවති බව කියැවේ. එය ප්‍රේම සම්බන්ධතාවයක් ද මිත්‍ර සම්බන්ධතාවයක් ද යන්න අපැහැදිලිය. ඝාතනයට හේතුව යූරෝ 30ක මුදලක් පසුබිම් කරගෙන ඇති වූ කතාබහක් බව වාර්තා වේ.
සැකකාර තරුණයා 2023 ජුනි මස 28 දින හවස් කාලයේදී සුරූපී මිශෙල්ව පිහියෙන් ඇන ඝාතනය කොට අපද්‍රව්‍ය ඉවතලන කළු පාට බෑගයක දමා සුපිරි වෙළෙඳ සලක් තුළ පාරිභෝගිකයන්ගේ බඩු බාහිරාදිය බහාලන කරත්තයක දමා අපද්‍රව්‍ය සඳහා වෙන්කර ඇති ස්ථානය සඳහා රැගෙන යමින් හිඳ තිබේ.
එහිදී කරත්තයෙන් වැගිරෙන රුධිරය පිළිබඳ සැක සිතූ ඉතාලි ජාතිකයකු රෝමයේ හදිසි වැටලීම් අංශය දැනුවත් කිරීමෙන් පසු සැකකාර බාල වයස්කාර තරුණයාව නීතියේ රැහැනට කොටුවන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළදීය.
ඉතාලියේ පවතින නීතියට අනුව වයස අවුරුදු 18ට නොවැඩි නම් එය බාල වයස්කාර ගණයට වැටෙන අතර, ඝාතනය වූ මිශෙල් සහ සැකකාර ලාබාල තරුණයා ද තවමත් දාහත් හැවිරිදි වියේ පසුවන නිසා මෙම ඝාතනය පිළිබඳ ලබාදෙන නඩු තීන්දුව කෙසේ වේද යන්න ගැන ආන්දෝලනයක් පවතී.
තීන්දුව ගැන තවමත් නිශ්චිත වශයෙන් කිසිවක් ප්‍රකාශයට පත්කර නැත. මීට පෙර අවස්ථා කිහිපයකදී ශ්‍රී ලාංකිකයන් අතින් මනුෂ්‍ය ඝාතන ඉතාලිය තුළදී සිදුවී ඇති අතර, ලක්‍ෂ තුනකට අධික ඉතාලිය තුළ ජීවත්වන මෙන්ම රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට මෙම සිදුවීම හරහා තවත් කළු පැල්ලමක් එකතු කර තිබේ.
මෙරටට පැමිණෙන සහ රැකියා අපේක්‍ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙවන් පසුබිමක් මත ඉදිරියේදී අයහපත් වාතාවරණයන් නිර්මාණය වෙමින් තිබේ.
gossiplankanews










