හිඳගල රජ මහා විහාරයේ වැඩවාසය කළ 17 හැවිරිදි හිමිනමකට යම් පුද්ගලයෙක් විසින් වස පොවා ඇලකට තල්ලු කර සිටියදී සොයාගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයෙන් ඇතුළත් කර තිබේ.
අද උදෑසන 10.30ට පමණ රෝහල්ගත කළ මෙම හිමියන් මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ බිහිසුණු ඉරණමට මුහුණ දී ඇත්තේ අත්තරගම ධම්මරතන නම් තරුණ හිමිනමකි. වස පෙවීමේ සිද්ධියට හිමිනමක් ද සම්බන්ධ දැයි සැකයක් මතුවී ඇති අතර, ඒ පිළිබඳ පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
lankasara










