මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන බවය.Sri Lanka Latest News
ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි සහ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා වැට් බදු අය නොකෙරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේවෙතත් ස්ථාවර දුරකථන කෙටි පණ්වුඩ සහ පෙට්‍රල්-ඩීසල් සදහා වැට් අය කෙරෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.










