නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති බව වාර්තා වේ.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, ලංකාවට ඉන් බලපෑමක් ඇති නොවුණත් එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ වනවිට ඉන්දුනීසියාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.










