ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර්වලින් සියයට 75ක පමණ නිදහස් කරගැනීමට හැකිව ඇති බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියකු පැවසීය.
ආහාර කන්ටේනර් නිදහස් කිරීම සඳහා ද ඊයේ පස්වරුව දක්වා ඩොලර් ලැබී ඇත්තේ සියයට 75 කට පමණ බවත් එක් එක් ආනයනකරුගේ බැංකුවලට ඩොලර් ලැබීම මත නිදහස් කරගැනීම තීරණය වන බවත් ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.
අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් 800 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ සිරවී තිබූ අතර ඒවා නිදහස් කරගැනීමට ඩොලර් මිලියන 50 ක් නිදහස් කළ බව මහ බැංකුව මීට දින දෙකකට පමණ පෙර නිවේදනය කළ ද එම කන්ටේනර්වලින් 200 කට අධික සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට මේ දක්වා ඩොලර් ලැබී නොමැත.