මේ දක්වා ගැබිනියන් 60 දෙනකු සහ අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙක් මේ වනවිට කොරෝනා වැළදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මේ හේතුවෙන් සියලුම ගැබිනියන් අනිවාර්යයෙන්ම බූස්ටර් එන්නත ලබා ගත යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
මෙම සියලු ගැබිනි මරණ කොරෝනා තුන්වන රැල්ලේ සිදුවූ ඒවා බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.








