සිසුන් දෙදෙනෙකු අතර පාසලේදී ඇතිවූ කතාබහකින් පසු එක් සිසුවෙක් තවත් පිරිසක් සමග මග රැක සිට අනෙක් සිසුවාට හෙල්මට් සහ අතින් පයින් පහරදීම සම්බන්දයෙන් තරුණයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
පහරකැමට ලක්වූ සිසුවාගේ ඇසකටද හානි සිදුව ඇති බව සඳහන් වේ
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත, මීගහකෝවිල පාර සහ ඒ අවට පදිංචි තරුණයන් පිරිසක් බවත්, අත්අඩංගුවට පත්වූවන් අතර ආරවුලට මුල්වූ පාසල් සිසුවාද සිටින බවත් පොලිසිය කියයි.
සැකකරුවන් ඉකුත් 21 දා පස්වරුවේ, පාසල නිමවා නිවස කරා යමින් සිටී සිසුවාට පහරදී දින දහයක් පමණ පොලිසිය මගහරිමින් සිට ඇත.
මෙසේ පොලිසියට කට්ටි පැන්න තරුණ කණ්ඩායම අත්අඩංගුවට ගෙන, පහරදීමට යොදාගත් හෙල්මට් එකද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් විමර්ශන කටයුතුවලින් පසු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
lankasara










