අත් පා සහ හිස කපා වෙන් කර ඝාතනය කළ මුල්ලේරියාව තෝමස් චොන්ගම පදිංචිව සිටි ප්‍රදීපා ද සිල්වා (52) ගේ ඝාතනයට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයා පොලිසිය වෙත භාරවී තිබේ. (Sri Lanka Latest News)
ප්‍රදීපා ඝාතනය වූ දිනයේ සිට අතුරුදහන් වී සිටි මෙම සැකකාර ව්‍යාපාරිකයා සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි සුධීර වසන්ත (57) නැමැති පුද්ගලයෙකි. සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි එම සැකකරු සිය නීතිඥයින් සමග සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ මෙලෙස භාරවී ඇත.
මෙම ව්‍යාපාරිකයාට ඝාතනය සඳහා සහාය වූ බව පැවසෙන සිද්ධියේ දෙවන සැකකරුවාවන 48 හැවිරිදි කපුවෙක් ද පොලිසියට භාර වී තිබේ. එම කපුවා ද එම ප්‍රදේශයේම පදිංචි පුද්ලයෙකි.
අනාවරණ වන තොරතුරු අනුව ඝාතනය කරන ලද කාන්තාවගේ සිරුරේ කොටස් කපාදැමීම සඳහා කපුවා සැකකාර ව්‍යාපාරිකයා වෙත සහාය වී තිබේ.
කපා කොටස් වෙන් කළ මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් රථයද මෙම සාකකරුවන් භාරවන අවස්ථාවේ දී පොලීසිය වෙත රැගෙනවිත් ඇත.
මේ වනවිට සැකකරුවන්ගෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටී.
ඝාතනයෙන් පසු සැඟවී සිටි ව්‍යාපාරිකයාගේ මෝටර් රථය ඊයේ (02) නුවරඑළියෙන් හමු වී තිබිණි.
lankasara










