කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය.
එම මරණ 48 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,147ක් දක්වා ඉහළ ගියේය.
මියගිය පුද්ගලයන් අතර පිරිමි 30 ක් සහ කාන්තාවෝ 18 ක් වෙති.
එමෙන්මඑමෙන්ම අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1,653කි.
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 298,169ක් දක්වා ඉහළ ගොස් ඇත.










