යාපනය පුන්කූඩතිවූ ප්‍රදේශයේ පාසල් දැරියක වූ ශිවලෝනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියමව පල්ලේ කැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි .Sri Lanka Latest News
එසේ මියගොස් ඇත්තේ පුන්කුඩතිව් කයිට්ස් හි පදිංචිකරුවෙකු වු පුබාලසිංහම් තවකුමාර් සෙන්දිල් (37) නැමැති අයෙකි .
ඔහු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට සුළු මොහොතකින් මියගොස් ඇති අතර ඔහු නිව්මෝනියා රෝගී තත්වයෙන් පෙළුන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය .
ඔහුට නියම වූ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු එය විභාග වෙමින් තිබූ බව පොලිසිය කියයි .









