ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන නමුත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා මෙසේද කීය.
මෑත කාලයේ සිදුවූ ප්‍රබලතම ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරයයි. පාස්කු ප්‍රහාරය සිදුවන විට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපතිවරයා, සේනාධිනායකවරයා හා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් කටයුතු කළා. මැතිවරණ පැවැත්වීමට සූදානම්ව සිටියදී මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැන දැනත් ප්‍රකාශ කිරිම කල් මැරීම සම්බන්ධව ප්‍රශ්න සහගතයි. ත්‍රස්තවාදී තොරතුරු වසන් කිරීම ත්‍රස්තවාදී පනත යටතේ වසර හතක් සිරගත කළ හැකි වරදක්.










