කොළඹ වරායේ පවතින බහාලුම් අවහිරතාව විසඳීම සඳහා රේගුව ඇතුළු අදාළ ආයතන පැය විසි හතර පුරා රාජකාරිය කිරීමට ජනාධිපතිවරයා හමුවේ එකඟ වී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව එම ගැටළුවට ඉදිරි දින දහය තුළ විසඳුම් ලැබෙනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
ගත වූ සති දෙකක කාලය ඇතුළත නැව් තිහක් ආපසු හැරී ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.
එසේ නොවීමට අවශ්‍ය කටයුතු මීට වසර හතරකට පහකට පෙර කර තිබුණේ නම් මෙම ගැටළුව අද දිනයේ මතු නොවන බවද හෙතෙම කියා සිටියේය.
ජනාධිපති කාර්යාලය ඉදිරියේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.










