පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 3ක් සපිරේ.
පාස්කු ප්‍රහාරයේදී දේව මෙහෙයට සම්බන්ධ වී සිටි 300කට ආසන්න ප්‍රමාණයක් මිය ගියහ.
කෙසේවෙතත් ආණ්ඩුව ප්‍රහාරයේ මහමොළකරුවන් සොයාගෙන ඇති බව කීවද කාදිනල් හිමියන් පවසන්නේ තවමත් මහමොළකරුවන් සොයාගෙන නැති බවකි.
මේ සම්බන්ධයෙන් අද දින සියලු දේවස්ථානවල විශේෂ දේවමෙහෙයන් පැවැත්වීමට නියමිතය.










