• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

28′ ලොකු අර්බූදයක්! 27′ මහඡන්දයක්! EXCLUSIVE I Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇතිකරගත් එකඟතාවන්ට අනුව 2028 වසරේ සිට ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීම් ආරම්භ කිරීමට සිදුව ඇති තත්ත්වයක් යටතේ යළිත් වතාවක් රට බංකොලොත්භාවයට ඇදවැටීමේ අවදානමක් මතුවනු ඇති බවට ඇතැම් පාර්ශ්වයන් සිදුකරන අනතුරු ඇඟවීම් හමුවේ 2027 වසරේ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

ඒ අනුව අණ්ඩුව සැලසුම් කොට ඇත්තේ 2028 වසරේ ණය ගෙවීම ආරම්භ කිරීමට ප්‍රථම ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීමටය. එය 2026 වසරේ අගභාගයේදී සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පැවැසේ.

ඉන් අනතුරුව නව ව්‍යවස්ථාව යටතේ නැවතත් පාර්ලිමේන්තු ක්‍රමයක් හඳුන්වා දීමටත්, ඒ ඔස්සේ 2027 වසර අවසානයේදී හදිසි මහ මැතිවරණයකට යෑමටත් මාලිමා ආණ්ඩුව තීන්දු කොට ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රාජ්‍ය රහස් තීරයේ පළකළේ මෙසේය.

මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම්ය. ඒ, ආණ්ඩුව ඇතුළේ හදිසි මහ මැතිවරණයකට යොමුවීම සම්බන්ධයෙන් මතුව ඇති විශේෂ සාකච්ඡාවක් පිළිබඳවය. දැනට මාස කීපයකට පෙරාතුව සිටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරින් වර අවධාරණය කරන කාරණයක් වන්නේ 2028 වසරේදී ආණ්ඩුවට විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට සිදුවීමට නියමිතව ඇති බවත්, එහිදී 2028දී ණය ගෙවීමට නම් දැනට 4%ක මට්ටමේ ඇති ආර්ථික වර්ධන වේගය 5% ඉක්මවා යන මට්ටමකට පත්කර ගත යුතු බවත්ය. නමුත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය තවදුරටත් අඩුවනු ඇති බව අනාවරණ කර ඇති පසුබිමක 2028දී යළිත් වතාවක් ලංකාව ණය ගෙවාගත නොහැකි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇති බව සජිත්ගේ තර්කය වී තිබේ. ඒ අනුව සජිත් කියන්නේ 2028 වසර ලංකාවට ඉතා තීරණාත්මක වසරක් යැයි කියාය.

ලංකාවේ පැවැති තත්ත්වය පැහැදිලිව වටහාගෙන තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට යෝජනා කර තිබුණේ 2033 වසරය. නමුත් එවක ජනාධිපතිව සිටි රනිල් තමන් විශාල ජයග්‍රහණයක් ලැබූ බව රටට පෙන්වීම සඳහා 2028 වසරේ සිට ණය ගෙවන බව සඳහන් කරමින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීමට පියවර ගත්තේය. රනිල් සැලසුම් කළේ එය විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් ජනාධිපතිවරණයට යන්නටය. රනිල් ගහපු මේ ගේම සජිත් පෙන්වද්දී සජබයේ සිටින ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා කිසිවකුත් ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැත. අඩුම තරමේ සජිත් කියපු කතාව සත්‍යයක් හෝ යැයි කියා කියන්නටවත් ඔවුන්ගේ දිව නැමුණේ නැත. ඒ අනුව ආණ්ඩුවේ පිරිස් මේ සම්බන්ධයෙන් සජිත්ගෙන් සාක්ෂි ඉල්ලද්දී සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර අස්සන් කළ ගිවිසුමෙන් ඊට අදාළ කොන්දේසි පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

මේ බව මාලිමා ආණ්ඩුවද නොදන්නවා නොවේ. ඒ අනුව දැනට ඇති ආර්ථික වාතාවරණය හමුවේ 2028 වසරේදී නැවත වතාවක් ආර්ථික අර්බුදයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවුවහොත් ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඔවුන්ද ඉතා රහසිගතව ගණන් බැලීමක් කොට ඇති බව ආරංචිය. ඒ අනුව පසුගිය කාලසීමාවේදී මේ පිළිබඳ මාලිමාව ඇතුළේ සිදුකර ඇති ඉතා සියුම්, රහසිගත සහ සූක්ෂ්ම දේශපාලන විශ්ලේෂණයකින් අනතුරුව ඔවුන්ද කිසියම් දේශපාලන සැලැස්මක් මේ වනවිට සකස් කොටගෙන අවසන් බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. එහි ප්‍රධානත්වය ජවිපෙ විසින් දරා ඇති බවද ආණ්ඩුව පැත්තෙන් ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නකි.

අනුරගේ ටි්‍රලියන කතාව

පසුගියදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව මේ වනවිට ටි්‍රලියනයක මුදල් ඉතිරි කොට ඇති බව ජනාධිපතිවරයා පවසා සිටියේ නිකන් ආවාට ගියාට නොවේ. එවැනි දැවැන්ත මුදලක් ආණ්ඩුව එකතු කරගැනීමට සමත්ව තිබුණේ පසුගිය අයවැයෙන් ඇතැම් ව්‍යාපෘති සඳහා වෙන්කර මුදල්වලින් 20%ක්වත් වියදම් කිරීමට ඇතැම් අමාත්‍යාංශ සමත්ව නොතිබීම නිසාය. එසේ මුදල් ඉතිරි කොට ගෙන 2027 වසර වනවිට ඉන් විශාල ප්‍රයෝජනයක් ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බවක් ආරංචිය.

මෙම තොරතුර වාර්තා වීමත් සමග අපද ආණ්ඩුවේ මේ හදිසි මහ මැතිවරණ සැලැස්ම පිළිබඳවත්, එහි ගමන් මාර්ගය පිළිබඳවත් විශේෂ සොයාබැලීමක නිරත වීමු. ඒ අනුව අපට ලැබුණු තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුවේ මෙම දේශපාලන කාලසටහනට අනුව 2026 අවසානය වනවිට හෝ 2027 මුල් කාර්තුව වනවිට ආණ්ඩුව රටට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිදුකොට අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇතැයි කියාය. ඒ අනුව නැවත වතාවක් පාර්ලිමේන්තු ක්‍රමය රටේ ස්ථාපිත කිරීම ජවිපෙ සැලසුම වී තිබේ. ඒ අනුව විධායකය අහෝසි කොට අලුත් ව්‍යවස්ථාවක් යටතේ 2027 වසර අවසාන භාගයේදී මහ මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවේ සැලසුමය.
ඒ අනුව ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ 2027 වසර සඳහා ලබන වසර අවසානයේදී ඉදිරිපත් කරන අයවැය හරහා මේතාක් ඉතුරු කරගත් ටි්‍රලියනයකට අධික මුදල්වලින් ජනතාවට සහන ලබාදෙන ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කොට මහ මැතිවරණයකට යෑමටය. එසේ මහ මැතිවරණයකට ගොස් නැවත වතාවක් මාලිමා රජයම බලයට පැමිණියහොත් නව ජනවරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පෙන්වමින් ණය ගෙවීමේ කාලය තවත් වසර කීපයකින් දිගු කරගැනීම ආණ්ඩුවේ සැලැස්ම වී ඇත. යම් හෙයකින් මාලිමා ආණ්ඩුව බලයට පත් නොවී වෙනත් රජයක් බලයට පත්වුවහොත් 2028 වසරේ විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට මෙන්ම රට යළිත් බංකොලොත්භාවයට පත්වුවහොත් ඊට මුහුණ දීමට සිදුවනු ඇත්තේ නව ආණ්ඩුවටය. අප කළ සොයාබැලීමේදී 2028 වසරට මුහුණ දීම සඳහා ආණ්ඩුව සකස් කොට ගෙන ඇති රහසිගත සැලැස්ම ඒ ආකාරයය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

උවිඳු කියනකල් අපිවත් දන්නෑ! බොරු ෂෝ නැති රියල් නායකයෝ! Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ෂෝ එක පෙන්නලා ආණ්ඩුව ගහපු ගේම් දන්නෙ නෑ නේද?මෙන්න පෙරටුගාමීන් හෙළිකරනවා !

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.