බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ වූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණ වූ බවයි.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ද ඉදිරිපත් කර ඇත.
වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම නිසා සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හටගන්නට ඇති බවයි.
එහිදී පසුගිය 22 වැනි දා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසු මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 25 කි.
තවත් කැස්බෑවුන් තිදෙනෙකුගේ පිටත ආවරණයට දැඩි හානි සිදුව ඇති අතර එම සත්ත්වයින්ට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.










