White Back Plant Hopper හෙවත් සුදු පිට පැළ කීඩෑවා, දුඹුරු පැළ කීඩෑවා (Grey Plant Hopper) සහ කොළ හකුළුවන දළඹුවා ( Leaf Curl worm) යන කෘමි විශේෂ තුන මගින් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවේ හෙක්ටයාර් 22,000ක් පමණ බලපෑමට ලක් ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. (Sri Lanka Latest News)
මෙම කෘමි හානි සියල්ලම වළක්වා ගත හැකි අතර මේ වනවිට සියලු ප්‍රදේශවල සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මෙන්ම අනෙකුත් නිලධාරින් මේ සම්බන්ධව දැනුම්වත් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් පැවසුවාය. එමෙන්ම කෘෂිකර්ම විශේෂ කණ්ඩායම් ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා යොදවා තිබේ.
තම කුඹුරුවල මෙම කෘමින් සිටී නම් වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුම්වත් කරන ලෙසත් කෘෂිකර්ම උපදේශකවරුන් විසින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කළයුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලීමක් කරයි.
තත්ත්වයෙන් බාල කෘමි නාශක යෙදීම හෝ මේ පිළිබඳ දැනුමක් නොමැති අය විසින් සිදු කරන නිර්දේශ අනුව කටයුතු නොකළ යුතු බවත් එමෙන්ම කෘමිනාශක තවත් වර්ග සමග මිශ්‍ර කිරීම කිරීමෙන් හානිකර කෘමින් රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති විය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසා සිටියි.
එම නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන පලිබෝධ නාහක පමණක් යෙදීමට පියවර ගත යුතු බවද ඇය සඳහන් කළාය.
දැනට මෙම රෝග තත්ත්වයන් උතුරුමැද සහ නැගෙනහිර යන පළාත් ආශ්‍රිතව වාර්තා වේ.
lankasara