• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්රේන යුද බිමේදී අවසන් හුස්ම හෙලූ හිටපු ශ්‍රී ලාංකික කපිතාන්වරයා ඇතුළු අනෙකුත් සෙබළුන් කවුද? I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී රුසියානු හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ සටන ආරම්භ කරන ලදී. රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේන හමුදාව සමග එක්ව සටන් වදින විදේශීය හමුදා ලීගය තුළ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ද සිටින බවට තහවුරුවී තිබේ. එලෙස රුසියානු හමුදාවට එරෙහිව සටන් වදිමින් සිටි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයන්හි සේවය කළ සාමාජිකයන් තිදෙනකු පසුගියදා ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු විය.(Sri Lanka Latest News)

යුක්රේනයේදී මියගිය ශ්‍රී ලාංකික හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් කවුද?

යුක්රේනයේදී එලෙස මියගොස් ඇති හමුදා සාමාජිකයන් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ හිටපු කපිතාන්වරයකු වන රනිෂ් හේවගේ ඇතුළු තිදෙනකු සිටින බවට එහි වෙසෙන හිටපු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයකු විසින් තහවුරු කර සිටියේය.

ඔහුට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සේවය කර ඇති රොඩ්නි ජයසිංහ සහ එම්.එම්. ප්‍රියන්ත ද වන බව දැනට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන තවත් ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයකු වන හතුරුසිංහ පැවැසුවේය.

කපිතාන් රනිෂ් හේවගේ යනු කවුද?

ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු වැනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන්වරයකු ලෙස වසර 12ක් සේවය කිරීමෙන් අනතුරුව රනිෂ් හේවගේ 2018 වසරේදී ඉන් ඉවත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් තහවුරු කළේය.

යුද හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසු ඔහු ඩුබායි රාජ්‍ය බලා ගොස් එහි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී යුක්රේන හමුදාවට එක්වීමට තීරණය කර ඇත. ඒ අනුව 2022 වසරේ මාර්තු මාසයේදී ඔහු ඩුබායිහි සිට යුක්රේනය බලා පැමිණ එරට හමුදාව සමග එක්ව ඇත.

යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයකු ලෙස සේවයට එක්වන ඔහු එහි විදේශීය සටන්කරුවන් සේවය කරන ‘විදේශීය හමුදා ලීගයේ’ සාමාජිකයකු ලෙස පුරා මාස 20කට අධික කාලයක් යුද මෙහෙයුම්වලට සිය දායකත්වය ලබාදී තිබිණි.

කමාන්ඩෝ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා හමුදාවේදී ලද පුහුණුව සහ අත්දැකීම් හේතුවෙන් කෙටි කලක් තුළදී යුක්රේන යුද හමුදා සාමාජිකයන් අතර ඔහු නමක් දිනාගනු ලැබූ අතර, යුක්රේන හමුදා සාමාජිකයන් ඔහුව හඳුන්වා ඇත්තේ ‘ඩෙන්ටිස්ට්’ යන අනවර්ථ නාමයෙන් බව සඳහන්ය.

යුද බිමේ ලද අත්දැකීම්

රුසියානු ආක්‍රමණයට එරෙහිව තමන් යුක්රේන හමුදාව සමග එක්ව සටන් කිරීමට ප්‍රධාන හේතුව වූයේ රුසියාව සිදුකළ යුද අපරාධ බවත්, යුක්රේන යුද පිටියේදී තමන් අවස්ථා 06කදී තුවාල ලැබූ බවත් කපිතාන් රනිෂ් හේවගේ යූටියුබ් නාලිකාවක් සමග වරක් සිදුකළ සම්මුඛ සාකච්ජාවකදී පවසා තිබිණි.

වරක් සතුරු ආරක්ෂක වළල්ලෙන් ඔබ්බට ගොස් සිදුකළ මෙහෙයුමක් නිසා යුක්රේන ජනාධිපතිවරයාගෙන් තමන් වෙත සම්මානයක් හිමිවූ බවත්, ඒ අනුව තමන්ට යුක්රේන හමුදාවේ කපිතාන්වරයකු ලෙස උසස්වීමක් හිමිවූ බවත්, ඔහු යුක්රේන හමුදාවේ විදේශීය හමුදා ලීගයේ භට කණ්ඩායමක වැඩබලන අණදෙන නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටින බවද එහිදී වැඩිදුරටත් පවසයි.

කපිතාන්න රනිෂ් ඇතුළු පිරිසට සිදුවූයේ කුමක්ද?

යුක්රේන සටන් බිමේදී කපිතාන් රනිෂ් හේවගේ සමග යුද මෙහෙයුම්වලට දායක වී දැනට තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින තවත් හිටපු කමාන්ඩෝ බළකායේ සාමාජිකයකු දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බීබීසී සිංහල සේවය කටයුතු කරන ලදී.

යුක්රේන හමුදාවේ සේවය කරන හතුරුසිංහ නම් වූ එම හමුදා සාමාජිකයා යුක්රේනයේ, බක්මුත් ප්‍රදේශයේ පැවැති සටන්වලදී තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස විස්තර කර සිටියේය.

‘ගිය දෙසැම්බර් 04 වැනිදා ඇතිවුණු ගැටුමකින් අපේ ලංකාවේ කෙනෙක් මියගියා. එයා නේවි එකේ කලින් වැඩකරපු කෙනෙක්. එයාගේ බෝඩි එක ගන්න විදිහක් තිබුණේ නැති නිසා රනිෂ් සර් එක්ක අපි ෆෝ මෑන් ටීම් එකක් ගියා ඒ බෝඩි එක අරගන්න. එහෙම යද්දී එල්ල වුණු ප්‍රහාරයකින් අපේ එක්කෙනක් තුවාල වුණා. පස්සේ එයාව එතැන ආරක්ෂා සහිතව තියලා අපි තුන්දෙනා ඉස්සරහට ගියා. සර්, මම සහ රොඩ්නි කියන කෙනයි ගියේ.

එහෙම ගිහිල්ලා ලයින් එක පස්සේ ඉද්දී සෙට් එකෙන් කිව්වා ඉස්සරහා එවැකියූවේෂන් එකක් කරන්න තියෙනවා, යුක්රේන හමුදාවේ තුන්දෙනෙක් තුවාල වෙලා ඉන්නවා, එයාලව පස්සට ගේන්න කියලා. සර් එක්ක අපි තුන්දෙනා එකතුවෙලා අර තුවාල වෙලා හිටපූ යුක්රේන කට්ටියව පස්සට ගෙනාවා. එහෙම කරලා යද්දී තමයි අපිට ආටිවලින් ගැහුවේ.

පළමුවැනියට ආපු ආටි ප්‍රහාරයෙන් රොඩ්නි මැරුණා. ඊට පස්සේ ආපු ආටි එක මගේ ළඟට වැටුණා. මම ඒකෙන් තුවාල වුණා. පස්සේ මම ආපහු නැගිටිද්දී තවත් ආටි ප්‍රහාරයන් 05ක් එල්ල වුණා. මම ටිකක් වෙලා කම්පනයට පත්වෙලා හිටියා. පස්සේ රනිෂ් සර් ආවා මම මැරුණද කියලා බලන්න. ඒ එක්කම වැටුණු ආටි එකට සර් අහුවෙලා නැතිවුණා.

මම තුවාල වෙලා තියෙද්දීත් කොහොම හරි රනිෂ් සර්ගේ බෝඩි එක කිලෝමීටර් 15ක් අපේ ලයින් එකේ පස්සට අරන් ආවා. එහෙම අරන් එද්දිත් ආටි ප්‍රහාරයන් එල්ල වුණා. මම පස්සේ සර්ගේ බොඩි එක ආරක්‍ෂිත තැනක තියලා වෛද්‍ය ප්‍රතිකාර දෙන තැනට ආවා….’ ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම එසේ විස්තර කර සිටියේය.

මේ අතර තමන් සිටින යුක්රේන හමුදා භට කණ්ඩායමේ තවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් හි සේවයේ නියුතු සාමාජිකයන් 12 දෙනකු සිටින බව හතුරුසිංහ පවසයි.

‘සිදුවීම ගැන තොරතුරු ඉල්ලා තිබෙනවා’

මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් තුර්කියේ වෙසෙන ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක පැවැසුවේ යුක්රේනයේ ඇතිවූ යුද ගැටුමෙන් මියගිය ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස තමන් අන්කාරාහි පිහිටි යුක්රේන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

යුක්රේනයේ වෙසෙන ලාංකිකයන් සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සොයාබැලීම සිදුකරනු ලබන්නේ තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වීම ඊට හේතුවයි.

‘අපිට මේ දක්වා නිල දැනුම් දීමක් යුක්රේන රජය පැත්තෙන් සිදුකරලා නැහැ. නමුත් අපි අන්කාරාහි පිහිටලා තිබෙන යුක්රේන තානාපති කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා තිබෙනවා මේ සිදුවීම ගැන. රනිෂ් හේවගේ කියන ශ්‍රී ලාංකිකයා යුක්රේනයේ සිටින බවට අපගේ දත්ත පද්ධතියේ තොරතුරු තිබෙනවා. නමුත් ඒ හැර වෙනත් ලාංකිකයන් යුක්රේනයේ සිටින බවට අපට තොරතුරු දීලා නැහැ.

‘පවතින යුදමය තත්ත්වය මත සියලු තොරතුරු එක්රැස් කරන්න අසීරු කාරණාවක්….’ තානාපතිවරිය පවසා සිටියාය.

සමාජ මාධ්‍යයේ පළවන සටහන්

යුක්රේන සටන් බිමේදී කපිතාන් රනිෂ් හේවගේ මියයාමෙන් පසු ඔහු සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ බොහෝ සටහන් පළකර තිබිණි. ඒ අතරින් ඔහුගේ සහෝදරිය වන අයෝනා හේවගේ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ මෙසේ සටහනක් තබා තිබේ.

‘අම්මා අඬනවා… කාලය ආපස්සට හරවන්න පුළුවන් නම් ආයෙ බඩේ හංගගන්නවා එළියට එවන්නෙ නෑ කියලා. අපි අඬනවා ඇහෙන්නෙ නැද්ද රත්තරන්. එන්නකෝ මගෙ මල්ලියේ….. මට වාවන්නෙ නෑ මේක. ඇයි මේ තරම් ලොකු හිස්තැනක් මගෙ ජීවිතේ ඇති කළේ වස්තුවේ….’

මේ අතර රනිෂ් හේවගේගේ මිතුරන් ද ඔහුගේ වියෝව සම්බන්ධව මෙසේ සටහන් පළකර තිබිණි.

Maybe he had a feeling… Heros never die…️ This is a small clip from an interview that I did with Captain Ranish Hewage for a presentation in my Regiment’ Just after 10 days he is gone… Killed in Action… Rest Easy Sir…

ඇතැමෙක් එම සටහන් සඳහා ශෝකය පළකොට තිබුණද ඇතැම් ලාංකිකයන්ගෙන් ලැබී තිබුණේ මිශ්‍ර ප්‍රතිචාරයන් බව නිරීක්ෂණය කළ හැකි විය.

BBC සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

තුන්දෙනෙක් එකතු වෙලා වී හෙක්ටෙයාර් 22,000ක් විනාශ කරලා! Sri Lanka Latest News

Next Post

ටෙන්ඩර් කැඳවලා නෑ! අත්දැකීමක් නෑ! කිසිම පළපුරුද්දක් නෑ! අධ්‍යක්ෂ මණ්ඩලයේ සුදුසුකම් ඇති අය නෑ! තංගල්ලේ කෙනෙකුත් ඉන්නවා! රටේ ඉඩම් අක්කර 782ක් අවදානමක! ඉහළම ඝනයේ මගඩියක්! ආණ්ඩුව යුනයිටඩ් සෝලා එනර්ජි සමාගම එක්ක පූනකරි වැවේ ගහන්න යන සෝලාපවර් ව්‍යාපෘතියේ රහස් ගොන්නක් විපක්ෂනායක සජිත් රටට හෙළිදරව් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.