• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජවරුන්ට පින් දෙන්න සූදානම් කරපු රජවරු කැමති කෑම බීම හදපු පොළොන්නරුවේදී දුන්නු අරුම පුදුම රාජකීය දානය I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි කොහොමත් දනට පිනට ළැදි ජාතියක්. හැමදාම අපි දානෙ දෙනවා දකින්න ලැබෙනවා. විවිධ අය විවිධ මතිමතාන්තර ප්‍රකාශ කරනවා. සමහර අය ඒ ගැන සමහර කතා සමාජ ජාලවල පළකරනවා. ඒවායෙ හොඳ නරක කියනවා. ‘දෙන අයට හොඳ නම් දීගත්තාවේ, තොපිට මොකද?’ කියලා සමහරු එකට උත්තර දෙනවා. සමහර අය තර්ක කරනවා නැතිබැරි මිනිස්සුන්ට දෙන්න කියලා. රුවන්මැලිසෑ වෙහෙර මළුවේ කෑමබීම නාස්ති වෙනකොට කීදෙනෙක් බඩගින්නෙ ඉන්නවද කියන එක ප්‍රසිද්ධ තර්කයක්.(Sri Lanka Latest News)

පලතුරු වගේ දේවල්වලින් වෙහෙර මළුව සමහර කාලෙට වැහිලා යනවා. ඒවා දැක්කම රටේ සමහර ඇත්තන්ට හිනා යනවා. මේවා කවුරු හරිද කවුරු වැරදිද කියන්න බැරි ජාතියේ වැඩ. කොහොම නමුත් දානයක් දෙනකොට ඒ දානය ප්‍රසන්න ආකාරයෙන් දීමත් සුවිශේෂ ආකාරයකින් දීමත් දානය දෙන කෙනාගේ කැමැත්ත. පත්තරයක් විදිහට අපේ යුතුකම වෙන්නේ ලෝකෙ පුරාම සිද්ධ වෙන විවිධ විචිත්‍රවත් දේවල් ඔබ සමග කියන එක. මේකත් මේ ඒ වගේ දෙයක්.

මේ පින්කම වාර්තා වෙන්නේ කදුරුවෙල පැත්තෙන්. මේක කදුරුවෙල ඉන්න ව්‍යාපාරික මහත්තයෙකුගේ සිතුවිල්ලක්. කදුරුවෙල පන්සලක තමයි මේ දානමය පින්කම තිබිලා තියෙන්නේ. දානේ දීලා තියෙන්නේ මියගිය රජවරුන්ට පින් පිණිස. රජවරු කිව්වට රජවරුම නෙමෙයි. රජවරු සහ රාජ කුමාරවරු කීපදෙනෙක්ව මේ ස්ථානයේදී නම් කරලම තියෙනවා. සමහර අයගේ රූප හදලා තියෙනවා අපි දැක්කා. සමහර අයගේ පින්තූර එහෙමත් ගෙනල්ලා තිබුණා. ඒ අය අතර හිටියා මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ. කොහොමත් පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට පොළොන්නරුව කදුරුවෙල පැත්තේ ඈයෝ වැඩි ආදරයක් දක්වනවා නේ.

ඒ වගේම මුළු රටේම ආදරය සෙනෙහස දිනාගත්තු දුටුගැමුණු රජ්ජුරුවොත් මේ රජවරු අතර හිටියා. ඒ අතර හේමමාලා සහ දන්ත කුමරිය ගැනත් සඳහන් වෙලා තියෙන බව දැක්කා. ඒ අයට අපි සලකන්නේ අපි ගාව තියෙන ඉතාම වටිනා සම්පතක් වෙච්ච දන්ත ධාතුන්වහන්සේ ලංකාවට ගෙනල්ලා දුන්න නිසා.

ඊට අමතරව තවත් දේවීන් වහන්සේලා කුමාරවරු ඇතුළු කිපදෙනකු මෙතැනදී නම් කරලා තියෙනවා.

මේ දානයෙ තවත් එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි දානය සඳහා සූදානම් කරලා තියෙන්නේ පෙර රජදරුවන් ඉතාම කැමැති කෑම විශේෂ. කෑම වර්ග විස්සක් මේ දානය සඳහා පූජා කරන්නට සූදානම් කළා. මේ විස්තර හොයාගෙන තියෙන්නේ ඉතාම පුළුල් අධ්‍යයනයකින් බවයි ඒ පිළිබඳ පළවෙලා තිබුණු සමාජ ජාල පුවත්වලින් කියවුණේ. ඒ කියන්නේ ඉස්සර රජවරු කාපු කෑම හොයාගන්නත් සිද්ධ වෙලා තියෙනවා.

මේ විදියේ රාජකීය කෑම්බීම ගැන සඳහන් වෙලා තියෙන ඉතාම ප්‍රකට පුස්කොළ පොතක් තමයි ‘රජ ගෙදර සූප ශාස්ත්‍ර’ කියලා කියන්නේ. ඒක ඉතාම විරල ගණයේ පුස්කොළ ග්‍රන්ථයක්. නමුත් අදත් ඒක පරිශීලනය කරන්න පුළුවන් විදිහට සංරක්ෂණය කරගන්න සමත්වෙලා තියෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පුස්කොළ පොත් එකතුව ඇතුළුව තැන් දෙක තුනක තමයි මේ පොත තියෙන්නෙ. කොහොම නමුත් පෙර රජවරුන් කාපු බීපු හැටි මෙන්න මේ පුස්කොළ පොත හොයාගත්ත නම් ඕන කෙනකුට හඳුනගන්න පුළුවන්. අපි දන්නේ නෑ මේ ඇත්තෝ මේ කෑම බිම පිළිබඳ හොයාගත්තේ රජ ගෙදර සූප ශාස්ත්‍ර පොතෙන්මද කියලා.

මේ මහා දානමය පුණ්‍යකර්මය අවසන් වුණාට පස්සේ අදාළ ව්‍යාපාරික මහත්තයට විශේෂ සම්මානයක් ප්‍රදානය කරන්නත් මහා සංඝරත්නය කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත් මේක ටිකක් විශේෂ වැඩක්. මේකේ අධ්‍යාපනික වටිනාකමක් සහිත කොටසකුත් තියෙනවා. මොකද පුරාණ රජවරුන්ගේ කෑම බීම පිළිබඳ අධ්‍යයනය කරන්නෙක්ට මේ වගේ වැඩක් දැක්කම බොහෝ දේ හඳුනාගන්න පුළුවන්.

මොකද මේ දානයට අදාළව කරන ලද පර්යේෂණය ප්‍රතිඵල විදියට තමයි දානය ව්‍යංජන නිර්මාණය වුණේ කියලා කියන නිසා. කොහොමත් අපි අතර තාමත් තියෙනවානේ රජ කෑමක්නෙ කන්නේ කියලා. දැන් ඉතින් ඉස්සර වගේ රජ කෑම කන්න අපිට ලැබෙබෙන්නෑ. අපිට ලැබුණේ නැති වුණාට මෙන්න මේ රජ කෑමක් කන එකේ වාසනාව අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නම් පහුගිය කාලේ නිතරම ලැබුණා. ඒගොල්ලෝ කීප වතාවක්ම අපි දැක්කා රජ කෑමක් කනවා. සාමාන්‍යයෙන් අපට එහෙම මහා ලොකුවට රජ කෑම කන්න හම්බවෙන්නේ කලාතුරකින්. පළමුවෙන්ම ඉන්දියාවේ අනුග්‍රහයෙන් රාජකීය කෑමක් කාපු අපේ කට්ටියට අපි හිතන්නේ පස්සේ ඒකට රහ වැටුණා. ලෙඩේ වෙන්නේ ඔන්න ඕක පුරුද්දට ගියොත්.

මාතෘකාවෙන් පිට ගියානේ. කොහොම වුණත් මේ වගේ දානමය පින්කම් අපේ රටේ තියෙන එක හොඳයි. හාමුදුරුවන්ට වගේම දුගීමගී යාචකාදීන්ටත් අහිංසක මිනිස්සුන්ටත් රාජකීය විදියට කන්න බොන්න දෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. කාලයක් නම් පොළොන්නරුව පැත්තෙ කෙනෙක් ඇවිල්ලා හැමෝටම රජ වෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න උත්සාහ කළා. හැබැයි අන්තිමට එයා රජ වෙලා රටට වුණේ වෙන වැඩක්. එහෙම ආපු සමහර අය රජවරුන්ගේ රාජ කුමාරිකාවන්ගේ ඇඳුම් ආයිත්තං මාලකරාබුවලටත් විද්ද කියලා සමහර අය නම් කියනවා. අපි නම් ඕවා විශ්වාස කරන්නේ නෑ.

කොහොම වුණත් මේ වගේ දානමය පින්කම්වලින් පස්සේ අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මුළු රටටම රජවරු වගේ කෑමකන්න පුළුවන් ආර්ථික ක්‍රමයක් ඇතිවේවායි කියලා. කීප දෙනෙක් රජ වෙනකොට බොහෝ දෙනෙක් දුගීමගී යාචකාදීන් බවට පත්වෙන එකයි අපේ රටේ සම්මත ක්‍රමවේදය බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අද මිනිසුන්ට කියන්න වෙලා තියෙන්නේ ‘අපි කන හැටි ළිපා දනී’ කියලා. ඒ නිසා කොහේ හරි රාජකීය දෙයක් සිද්ධ වෙනකොට අපිට ඒක මේ විදියට ලියන්න සිද්ධ වෙනවා.

පින්කම සිදුවෙලා තියෙන්නෙ හරියටම කිව්වොත් කදුරුවෙල ජයන්ති විහාරස්ථානයේදී. කදුරුවෙල ධම්මපාල නායක හාමුදුරුවෝ තමයි මේ වැඩේට මූලිකත්වය අරගෙන තියෙන්නෙ,
මේ ව්‍යාපාරික මහත්තයා දානමය පින්කමෙන් පස්සේ අපූරු කතාවක් කියනවා. ඔහු කියනවා මගේ රස්සාවත් මිනිස්සුන්ට කන්න බොන්න දෙන එක. මම හරිහම්බ කරගන්නෙත් ඒකෙන්. ඒ නිසා කන්න දෙන දේ පිරිසිදුවට ශරීරයට අහිතකර නොවන ආකාරයෙන් දිය යුතුයි කියනවා වගේ අර්ථයක් දෙන දෙයක්. හැම ව්‍යාපාරික මහත්තයෙක්ම ඔය විදියට හිතලා හැම ව්‍යාපාරයක්ම මේ විදියට සාධාරණව කරනවා නම් අපිට රජ වෙන්න ලැබෙන්න ඕනෙ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මීට පස්සේ බැතිමතුන් දෙවියන්ට පූජා කරන සල්ලි-රත්තරන් කපුවන්ට ගෙදර අරන් යන්න බෑ! ඔක්කොම භාරකාරීත්වය බස්නායක නිලමේලාට! I Sri Lanka Latest News

Next Post

තුන්දෙනෙක් එකතු වෙලා වී හෙක්ටෙයාර් 22,000ක් විනාශ කරලා! Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.