2020 වසරේ කිසිඳු ආයෝජනයක් මෙරටට නොලැබුන බවත්, ජපන් ජාතික තරුණියක් ශ්‍රී ලංකික තරුණයෙක් රැගෙන ඒම පමණක් ආයෝජනයක් ලෙස මෙරටට ලැබුණ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාව වර්ගීකරණයෙන් පහතට දැමීම හේතුවෙන් මෙරටට ණය දීමට හෝ ආධාර ලබා දීමට කිසිඳු රටක් ඉදිරිපත් නොවන බැවින් එකම විසදුම චීනය පසුපස යාම පමණක් බවද ඒ මහතා පැවසීය.
පසුගිය රජය සමයේ ඇත්ත ඇත්ත සැටියට පෙන්වීමට රජයට හැකියාවක් නොතිබූ බවත් එවකට විපක්ෂය ඇත්ත බොරු කළ බවත් බොරුව ඇත්ත කළ බවත් පැවසූ ඒ මහතා වත්මන් රජය අදත් එයම කරමින් සිටින බව පැවසීය.










