• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා හිඹිලියාකඩ ගමට ගිහින් ප්‍රශ්න විසඳපු හැටි (PHOTOS)

October 2, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
ගෝඨා හිඹිලියාකඩ ගමට ගිහින් ප්‍රශ්න විසඳපු හැටි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ග්‍රාමනිලධාරී වසමේ නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද (02) පෙරවරුවේ පැවති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටලුවලට ද කඩිනම් විසඳුම් දෙන ලෙස දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියටද ජනාධිපතිවරයා දැනුම් දී සිටියේය.

.“ගම සමග පිළිසඳර” වැඩසටහනේ පළමුවැන්න පසුගිය සතියේ සිකුරාදා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්විට ගම්මානයේ දී පැවැත්විණ. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ග්‍රාමීය ජනතාවගේ ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහකර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම මෙම හමුවල අපේක්ෂාව වේ.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරු ඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ගම්මූන් මෙහිදී දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට නාගවනාරාම විහාරස්ථානයට පැමිණ සිටියහ. රැස්ව සිටී බොහෝ දෙනාගෙන් ඉඩම් පිළිබඳ ගැටලු රැසක් ඉදිරිපත් කෙරිණ. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොල නගරයේ විශාල පිරිසකට බලපා ඇති ඔප්පු පිළිබඳ ප්‍රශ්නයට ද කඩිනමි විසදුම් දිමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

ස්වයං රැකියාවක් ලෙස කිරි ගොවි කර්මාන්තයේ නිරත පිරිස මුහුණ දී සිටින ගැටළු කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. ඔවුන් ව්‍යවසායකයන් බවට පත්කිරිමට සහාය දිය යුතු බව පෙන්වා දී ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට හා පහසුකම් සැලසීමට පියවරගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අඩු මුදලට කිරි ගවයන් දීමට අදාළ ආයතන දැනුවත් කිරීමට ද තීරණ කෙරිණි. කිරි ගොවීන් ණය ඉල්ලුම් කිරීමේදී සැපයිය යුතු ඇප කොන්දේසි ලිහිල් කිරීමට බැංකු සමග සාකච්ඡා කර පියවරගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳිති. ඔවුන් මුහුණ පා සිටින ගැටළු සඳහා කඩිනම් විසඳුමක් ලෙස අර්ධ වශයෙන් නිම කර ඇති හෙට්ටිපොල වකුගඩු ‘රුධිර කාන්දුකරණ’ ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කර ඒකකයට අවශ්‍ය උපකරණ සැපයීමට උපදෙස් දෙනු ලැබිණ. දඹුල්ල, මහනුවර, කුරුණෑගල සහ මහියංගනය රෝහල් වෙත ගොස් ‘රුධිර කාන්දුකරණ’ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට මෙමගින් විශාල සහනයක් හිමිවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ. දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින හෙද හිගය පියවීමට වහාම පියවර ගැනීමට ද තීරණය කෙරිණ.

වෙහෙරගල සිට හෙට්ටිපොල නගරයට ඇති කි.මි 2.8ක සහ හිඹිලියාකඩ වැව් තාවුල්ලේ සිට හිඹිලියාකඩ ග්‍රාමයට ඇති මාර්ග කඩිනමින් සංවර්ධනය කරන ලෙස තවදුරටත් උපදෙස් ලබාදෙන ලදී. හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පංතිකාමර තුනකින් යුත් ගොඩනැගිල්ලක්, ගුරු නිවසක් ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම සහ විල්ගමුව නාමිණිඔය මහා විද්‍යාල සියලු පහසුකම් සහිත ජාතික පාසල් බවට පත්කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ. දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිගයට කඩිනම් විසඳුම් දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පාසල් අධ්‍යාපනය අවසන් කළ ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ඇතිකර වැඩි වශයෙන් ඔවුන් ඊට යොමු කර පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම කාලීන අවශ්‍යතාවයි. වාරි පහසුකම් නොතිබීම විල්ගමුව සහ අවට ප්‍රදේශ රැසක කෘෂිකර්මාන්තයට අහිතකර බලපෑමක් ඇති කර තිබේ. ඊට විසඳුම් ලෙස වත්තේගෙදර, වෙහෙරගල, දොඩම්ගොල්ල සහ වැරැව්ගහ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව විසඳුම් ලැබෙන පරිදි දෙවසරක් තුළ වැව් සංවර්ධනයටත් එතෙක් කෘෂිකර්මාන්තයට අවශ්‍ය වගා ළිං ජලය සැපයීමටත් නිසි පියවරගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

හිඹිලියාකඩ වැවේ කඩිනම් ප්‍රතිසංස්කරණ යුද හමුදාවට පවරනු ලැබීය.“ගම සමග පිළිසඳර” වැඩසටහනින් පසු ගමේ නිවාස සහ ගොවිබිම් කිහිපයක් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, නාලක කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

රිෂාඩ්ගේ මල්ලිට නඩු පවරන්න සාක්ෂි නැතිව නිදහස් කරයි!!!

Next Post

20 මැද මෝඩි මහින්දට කතා කළේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.