• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20 පාස් වුණොත් රටට වන දේ සමගි ජන බලවේගය කියයි

October 14, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
20 පාස් වුණොත් රටට වන දේ සමගි ජන බලවේගය කියයි
Share on WhatsAppShare on Facebook

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් ජනාධිපතිවරයා වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදුවන අතර රට තුළ ඒකාධිපති පාලනයක්, දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවයක් සහ දේශපාලනීකරණය වූ කොමිසන් සභා ඇතිවීමත්, පාර්ලිමේන්තුව අඩපණ වීමත්, විදේශීය රාජ්‍යයන්ට පක්ෂපාතී පුද්ගලයන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපති ලෙස පත් වීමට ඉඩ ප්‍රස්ථාව ඇතිවීමත් වැනි ඉතාම බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට ජනතාවට සිදුවන බැවින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව දැනුම් දී ඇත.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

සමගි ජන බලවේගය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි යම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතුය යන පදනම මත එම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී.

මෙවන් අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කරනු ලබන්නේ එලෙස අභියෝගයට ලක් කරන ලද වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ සඳහන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලට පටහැනිද සහ එසේනම් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යද යන සීමිත කරුණ පමණක් සලකා බලයි.

පනත් කෙටුම්පතෙහි සඳහන් ප්‍රතිපාදන ප්‍රතිපත්තිමය වශයෙන් හොඳද නරකද යන කාරණා සලකා බැලීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විෂය පථයට අයිති වන්නේ නැත.

පනත් කෙටුම්පතෙහි සඳහන් ප්‍රතිපාදන ප්‍රතිපත්තිමය වශයෙන් ලංකාවට හොඳද නරකද යන කාරණය පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය (නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අනුව) ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් මෙම තීරණය ගත යුතුය.

සමගි ජන බලවේගය මුල සිටම සිටින ස්ථාවරය වන්නේ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කිසි ලෙසකින් හෝ සම්මත නොවිය යුතු බවයි. මීට ප්‍රධාන හේතු ලෙස පහත කරුණු සඳහන් කළ යුතුය.

යෝජිත සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා කොට ඇත. යෝජිත සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණ වල විනිසුරුවරුන් පත් කිරීමේදී, ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේදී (නීතිපති, පොලිස්පති, සහ විගණකාධිපති ඇතුළු), සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ පමණක් ලබාගෙන, එකී නිරීක්ෂණය කුමක් වුවද ස්ව අභිමතය පරිදි එම පත් කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. ඒ අනුව මෙම සියලු ආයතන දේශපාලනීකරණය වීමේ දැඩි අවදානමක් තිබෙන බව අවධාරණය කළ යුතුය.

පොලිස් සේවයද, මැතිවරණ කොමිසමද, රාජ්‍ය සේවයද, විසින් මෙලෙස දේශපාලනීකරණය කිරීමේ නින්දිත උත්සාහයක ආණ්ඩුව යෙදෙන බව පැහැදිලිය.

මීට සමගාමීව යෝජිත සංශෝධනය මගින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබාදී තිබූ ණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීම අහෝසි කිරීම, විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම, සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම සිදුවනු ඇත.

මේ අනුව මෙම ප්‍රතිපාදන මගින් ආණ්ඩුව උත්සාහ දරන්නේ වංචාවට සහ දූෂණයට දොර විවෘත කිරීම බව පැහැදිලිය.

යෝජිත සංශෝධනය මගින් හදිසි පනත් ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. එනම් සාමාන්‍ය පනතක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට මහජනතාවට ඇති අයිතිය උදුරාගෙන ආණ්ඩුවට ඕනෑම අවස්ථාවක පනතක් හදිසි යයි පවසා සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැක. එවන් පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ද නැද්ද යන වග අධිකරණය විසින් පැය විසි හතරක් වැනි කෙටි කලක් ඇතුළත තීරණය කළ යුතුය. මෙමගින් මහජනතාවට අධිකරණය ඉදිරියට යාමට ඇති අයිතිය උදුරා ගන්නා අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් සම්මත වීමේ අවදානම ද වැඩි වනු ඇත.

තවද ද්විත්ව පුරවැසියන්, එනම් වෙනත් රාජ්‍යයන්ට පක්ෂපාතිත්වය දිවුරා ඇති පුද්ගලයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස හෝ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඉඩප්‍රස්ථාව සලසනු ඇත.

සැබැවින්ම ලක්මවට ආදරය කරන සහ ලක්වාසී ජනතාවට සේවය කිරීමේ අභිප්‍රායන් සිටින පුද්ගලයෙක් වෙනත් රටක තිබෙන පුරවැසිභාවය අත් නොහැරීමට කිසිම හේතුවක් නොමැත.

ඒ අනුව මෙම ප්‍රතිපාදනය මගින් වෙනත් රටවලට ඇති පක්ෂපාතීත්වය අත්හැරීමට සූදානම් නොමැති පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමට හෝ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහයක නියැලෙන බව පෙනී යන කරුණකි. එවන් පුද්ගලයන්ට ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණ ගැනීමට හෝ ආරක්ෂාවට බලපාන ගිවිසුම්වලට එළැඹීමේ තීරණ වලට සම්බන්ධ වීමට හෝ වෙනත් රටවල් සමඟ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් තීරණ වලට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබිය හැක.

මෙය ජාතික ආරක්ෂාවට සහ ජාතික ආර්ථිකයට බරපතළ තර්ජනයකි.

යෝජිත සංශෝධනය මගින් ජනාධිපතිවරයා වෙත බලය කේන්ද්‍රගත වීමක් වන අතර, ඔහුව සුපරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය කප්පාදු කිරීමක් සිදුවනු ඇත. ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් ලෙස කටයුතු කලත් ඔහුව ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය ප්‍රායෝගිකව ශුන්‍ය කර ඇත.

පළමුව ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය යෝජිත සංශෝධනය මගින් දීමට අදහස් කරයි. මෙය සීමාවන්නේ පෙර පාලිමේන්තුව කලින් විසුරුවා ඇති අවස්ථාවක පමණි. එවන් අවස්ථාවක වුවත් පාර්ලිමේන්තුව මුලින් රැස් වූ දිනය සිට වසරක කලක් ගත වූ පසු ( කාරක සභා අවස්ථාවේදී ගෙනෙන බවට පොරොන්දු වුණු සංශෝධනය ගෙනාවොත් මෙය වසර දෙකහමාරක් වනු ඇත) පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක.

ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලිමේන්තුව එක් පුද්ගලයෙකුගේ ඕනෑ එපාකම් මත ශුන්‍ය කිරීමට හැකිවනු ඇත.

දෙවනුව පත් කළ හැකි අමාත්‍යවරුන් සංඛ්‍යාවේ සීමාව ඉවත් කිරීම තුළින් ජනාධිපතිවරයාට අමාත්‍යවරුන් අති විශාල සංඛ්‍යාවක් පත් කළ හැක.

තවද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇමතිකම් තීරණය කිරීමේදී එම පත් කිරීම් (සහ ධුරයෙන් ඉවත් කිරීම) සිදුකරන්නේ පාර්ලිමේන්තුව විශ්වාසය තිබෙන අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතය. යෝජිත සංශෝධනයට අනුව ඇමතිකම් තීරණය කරන්නේ ජනාධිපතිවරයා තම අභිමතය පරිදිය. එලෙසම ජනාධිපතිවරයාට සංශෝධනයට අනුව ඕනෑම අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා වුවද ධුරයෙන් ඉවත් කළ හැක.

මෙලෙස අමාත්‍යවරුන් ඕනෑම සංඛ්‍යාවක් පත් කිරීමට හා තම අභිමතය මත ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති වාතාවරණයක් තුළ ජනාධිපතිවරයා තම බලය නුසුදුසු ආකාරයට භාවිතා කළත් ප්‍රායෝගිකව එය පාර්ලිමේන්තුව විසින් ප්‍රශ්න කිරීමක් සිදුවේ යැයි අපේක්ෂා කළ නොහැක.

දැනටමත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට සහ රටට අහිතකර බව ගරුතර මහා සංඝරත්නය විසින් අවධාරණයක් කර ඇති අතර, කතෝලික සභාවත්, ජාතික ක්‍රිස්තියානි සභාවත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට සහ රටට අහිතකර බව අවධාරණය කර ඇති බව සඳහන් කළ යුතුය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අපේක්ෂිත සංශෝධන සිදු වුවහොත් ජනාධිපතිවරයා වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදුවන අතර රට තුළ ඒකාධිපති පාලනයක්, දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවයක් සහ දේශපාලනීකරණය වූ කොමිසන් සභා ඇතිවීමත්, පාර්ලිමේන්තුව අඩපණ වීමත්, විදේශීය රාජ්‍යයන්ට පක්ෂපාතී පුද්ගලයන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපති ලෙස පත් වීමට ඉඩ ප්‍රස්ථාව ඇතිවීමත්, වැනි ඉතාම බරපතල තත්ත්වයන්ට මුහුණ දීමට ලක්වාසී ජනතාවට සිදුවන බව නොඅනුමානය. ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු බව සමගි ජන බලවේගයේ මතයයි.

රංජිත් මද්දුමබණ්ඩාර- මහලේකම් -සමගි ජනබලවේගය

SendShareShare
Previous Post

ජාතික රෝහලේ හෙදියකට කොරෝනා

Next Post

කොරෝනා හැදිලත් නිහඩ නොවුණු අමෙරිකාවේ ට්‍රම්පට් එක

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.