20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා විපක්ෂය නියෝජනය කළ මුස්ලිම් මන්ත්‍රීවරු ජන්දය ප්‍රකාශ කර තිබෙන නමුත් ඔවුන්ගේ ඉදිරි හැසිරීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත්, ”ඕන කපුටෙක් ඔළුවට උඩින් පියඹපුවාවේ ඔලුව උඩ කූඩු හදන්න නම් දෙන්නේ නැහැ” යනුවෙනුත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ පිරිස් ජන්දය ප්‍රකාශ කිරීම තුළ කිසියම් හෝ බලාපොරොත්තුවක් තිබිය හැකි වුවත් එම පිරිස ආණ්ඩුවට මෙතෙක් කිසිදු ඉල්ලීමක් ද කර නොමැති බව උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.
කෙසේවෙතත් කුමක් සඳහාද එලෙස ජන්දය දුන්නේ යන්න පිළිබඳ අවදානයෙන් සිටින බව ද උන්වහන්සේ කියාසිටියහ.










