පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණයට ලක්කෙරෙන බැවින් අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තුව රාජකාරි කටයුතුවලට වසා තැබෙන බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා නිවේදනය කරයි.
ඒ අනුව සියලුම කාර්ය මණ්ඩල සේවකයින්, සේවයට වාර්තා නොකරන ලෙසට දැනුම් දී තිබේ.
ලබන බදාදා (28) දින සිට නැවත රාජකාරි කටයුතු ආරම්භ කෙරෙන අතර එදිනට සේවයට වාර්තා කළ යුත්තේ, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා දැනුම්දීමක් සිදුකළහොත් පමණක් බව ද ඒ මහතා අවධාරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උපපොලිස් පරික්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස පසුගියදා හඳුනාගැණුනි.










