20 වන ව්‍යවස්ථා සංශෝධනයට හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන් මහතාගේ සහ රවුෆ් හකීම් මහතාගේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහාය දැක්වීමට එකගතාව පළ කොට ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සදහන් කරයි.
පසුගිය දින කිහිපය පුරාම මේ සම්බන්ධයෙන් රහසිගත සාකච්ජා වට රැසක් පැවැත්වී ඇති බව එම ආරංචිමාර්ග අනාවරණය කරයි.
එහිදී හකීම් මහතාගේ මන්ත්‍රීවරුන් සිව් දෙනකු සහ රිෂාඩ් බදුර්දීන් මහතාගේ මන්ත්‍රීවරුන් දෙදෙනකු මෙසේ 20ට පක්ෂව සිය ජන්දය භාවිතා කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
නමුත් රවුෆ් හකීම් සහ බදුර්දීන් යන මහත්වරුන් ඊට පක්ෂව ජන්දය භාවිත නොකරනු ඇති බවද දැනගන්නට ඇත.











