යාපනයේ මනිපායී ප්‍රදේශයේ නිවසකට වෙස් වලාගෙන ඇතුළු වූ හොරුන් පිරිසක් මාස හතරක ලදරුවෙකුගේ ගෙළට පිහියක් තබා නිවැසියන් බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක මුදලක් රන් පවුම් 11 ක් හා ජංගම දුරකතන 3ක් ඇතුළු බඩුබාහිරාදිය රැසක් 29 දා කොල්ලකා පලාගොස් තිබේ. (Sri Lanka Latest News)
එම හොරු කණ්ඩායම පලායන අවස්ථාවේදී නිවස ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා මෝටර් රථයක්ද රැගෙන ගොස් තිබේ.
එම නිවසේ මාස හතරක ළදරුවා සමග තරුණ යුවලක් පදිංචි වී සිටි අතර, නිවස කොල්ලකෑමට පැමිණි හොර කණ්ඩායම නිවෙස් හිමියාගේ මිතුරෙකුගේ නම කියා නිවසේ දොර විවෘත කරවාගෙන තිබේ.
මනිපායී පොලිසිය විසින් එම නිවස කිසිවෙකුටත් ඇතුළුවීමට තහනම් ප්‍රදේශයක් බවට පත් කොට ඊට ආරක්ෂාවද යොදවා තිබේ.
මාස හතරක ළදරුවකු ප්‍රාණ ඇපකරුවකු ලෙස තබා ගෙන මුදල් හා දේපල කොල්ල කෑම පිළිබඳ යාපනයේ ජනතාව ඔවුන්ගේ අප්‍රසාදය පලකොට ඇති අතර රාත්‍රී කාලයට ප්‍රමාණවත් ලෙස පොලිස් ජංගම සේවාවන් ක්‍රියාත්මක නොවීම නිසා රාත්‍රී කාලයට යාපනයේ සිදුවන අපරාධ සංඛ්‍යාව මෑත කාලයේදී වැඩි වී ඇති බවද යාපනයේ ජනතාව කියා සිටිති.
lankasara










