• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද ජයග්‍රහණයෙන් අවුරුදු 17කට පස්සේ රට දැන් තියෙන්නේ තිබිය යුතු තැන නෙවෙයි! ඒකට වගකියන්න ඕනේ තීරණ ගන්න ජනතාව! යුද බිමේ සෙන්පතියෙක් වූ මේජර් ජෙනරල් ජගත් ඩයස් කතා කරයි! Sri Lanka Latest News

May 23, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද ජයග්‍රහණයෙන් අවුරුදු 17කට පස්සේ රට දැන් තියෙන්නේ තිබිය යුතු තැන නෙවෙයි! ඒකට වගකියන්න ඕනේ තීරණ ගන්න ජනතාව! යුද බිමේ සෙන්පතියෙක් වූ මේජර් ජෙනරල් ජගත් ඩයස් කතා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද ජයග්‍රහණයෙන් වසර දහහතක් ගතවුවද ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතා පවසනවා. ඔහු මේ බව පැවැසුවේ හිරු රූපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නවලට විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නා. Sri Lanka Latest News

ප්‍රශ්නය
ඒ ත්‍රස්තවාදයට එරෙහිව සටනේ නායකත්වය ගත්තු වීරෝදාර රණවිරුවෙක් ලෙස අද දවසේ ඔබතුමාට දැනෙන්නේ කොයි වගේ හැඟීමක්ද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

එදා ඒ සාර්ථකත්වය නොලැබුණා නම් මේ වෙනකොට වසර දහහතක්, මේ රටම තාමත් දුක් විඳිනවා. මම සතුටු වෙනවා ඇත්ත වශයෙන්ම ඒ සියලු ආරක්ෂක අංශ කවුරුත් එක්වෙලා අද වගේ දවසක ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදය විනාශ කරන්න දායක වීම සම්බන්ධව.
ප්‍රශ්නය
ගෙවුණු වසර දාහත තුළ අපේ රට ඇවිල්ලා ඉන්න තැන පිළිබඳ ඔබතුමා සෑහීමකට පත්වෙනවද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

එක පැත්තකින් සතුටු වෙනවා, නමුත් එක පැත්තකින් සතුටු වෙන්නේ නෑ. සතුටු වෙන්නේ දැන් යුද්ධයක් නෑ. මම අසතුටු වෙන්නේ රට තිබිය යුතු තැන නෙවෙයි අපි ඉන්නේ වර්තමානයේ.
ප්‍රශ්නය
ඒ පිළිබඳව ඔබතුමාට කනගාටුවක්ද තියෙන්නේ?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

ඉතාමත් කනගාටුයි ඒ සම්බන්ධයෙන්.
ප්‍රශ්නය
එහෙම නම් ඊට වගකිවයුත්තෝ කවුද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

වගකියන්න ඕනේ අපි. ජනතාවනේ තීරණය ගන්නේ. ඉතින් ජනතාව වගකියන්න ඕනේ. කනගාටුදායක තත්ත්වයක අපි ඉන්නේ. ඉතාමත් බැරෑරුම් තත්ත්වයක දැන් නම් ඉන්නේ.
ප්‍රශ්නය
ඇයි ඔබතුමා දැන් බැරෑරුම් තත්ත්වයක් කියලා කියන්නේ?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

බැරෑරුම් තත්ත්වයක් කියන්නේ මේ රටේ කිසිම ස්ථාවරත්වයක් නෑ කිසි දෙයක. හැම පැත්තම අස්ථාවරයි මේ මොහොතේ… හැම පැත්තෙන්ම.
ප්‍රශ්නය
වර්තමානයේ රටේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමා සෑහීමකට පත්වෙනවාද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

ජාතික ආරක්ෂාව කියන භාණ්ඩය හෝ සේවාව ඒ ගැන උනන්දු වෙන්නේ කවුද? පාරිභෝගිකයා. ඒ කියන්නේ රටේ මහජනතාව. එතකොට ඒ භාණ්ඩය හෝ සේවාව නැත්නම් ඔහු අසතුටු වෙනවා. අසතුටු වුණාම ඒක හිතට දැනෙනවා. හිතට දැනුණාම කම්පනයක් ඇති වෙනවා.
ප්‍රශ්නය
අපේ රටට දැන් මේ මොහොතේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන්, දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් බලපෑමක්, තර්ජනයක් තිබෙනවද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

මගේ කියවීමේ හැටියට මේ අවස්ථාව වෙනකොට අපේ රට, ඇත්ත වශයෙන්ම කියනවා නම් මානසිකව අපි ආක්‍රමණය වෙලා ඉන්නේ.
ප්‍රශ්නය
අපි අනාරක්ෂිතයිද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

හොඳටම අනාරක්ෂිතයි. දැන් බලන්න අද වෙනකොට ඩොලරයේ වටිනාකම, රුපියල අවප්‍රමාණය වෙලා 358යි. ආර්ථිකය ශක්තිමත් නැත්නම් ජාතික ආරක්ෂාවක් ගැන කතාකරන එකේ තේරුමක් නෑ.
ප්‍රශ්නය
රටේ මහජනතාවට ජාතික ආරක්ෂාව පිළිබඳ, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමා හිතන්නේ බියක්, සැකක්, තැතිගැන්මක් තිබෙනවද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

අස්ථාවරත්වයක් තියෙන්නේ. අර පුළුල් පරාසය තුළ ඔහු ආරක්ෂිත නෑ. බෙදුම්වාදී ත්‍රස්තවාදයේ යුදමය අංශය විනාශ කළාට ඔවුන්ගේ සංකල්පය එහෙමම පවතිනවා. එතකොට මේ වෙනකොට තාමත් ජනතාව දන්නේ නැතුව ඇති Transnational Government of Tamil Eelam කියලා කියන රටින් බැහැරව ඊළම වෙනුවෙන් සංවිධාන කරන ලද ආණ්ඩුවක් තියෙනවා. ඒකට ඇමැතිවරු ඉන්නවා. ජාත්‍යන්තරව ඉන්නවා. එතකොට රුද්‍රකුමාරන් තමයි, මගේ තේරුමේ හැටියට (මේ සම්බන්ධ විශේෂඥයෝ ඉන්නවා) ඔහු තමයි ඒකේ Prime Minister. එල්.ටී.ටී.ඊ. එකේ රටින් බැහැරව පනවලා තියෙන රාජ්‍ය ආණ්ඩුවක් තියෙනවා.
ප්‍රශ්නය
ඒ ආණ්ඩුවේ බලපෑම අපේ රටට කොයි වගේද වෙන්නේ?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

ඒ බලපෑම තමයි දැන් මේ හැම තැනටම අපිට බලපාන්නේ. මොකද හේතුව මේ රටෙන් බාහිරව ඉන්න ඔය ඩයස්පෝරාව මෙහෙයවන්නේ එල්.ටී.ටී.ඊ. අන්තවාදීන්. ඔවුන්ට බයයි.
ප්‍රශ්නය
උතුරු නැගෙනහිර පහුගිය කාලයේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීම් සිද්ධ වෙනවා අපිට පේනවා, ඔබතුමා කොහොමද මේක දකින්නේ?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

හමුදා කඳවුරු ඉවත් කරන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධව හරි තක්සේරුවක් කරන්න ඕනේ ඒ විශේෂඥයෝ ගෙනල්ලා.
ප්‍රශ්නය
‘අට පාස් ආමිකාරයා’ කියලා අපහාස කරනවා අපිට ඇහෙනවා. ඒ වගේම රණවිරුවා කියලා කතා කරන්න අකැමැති සමහර දේශපාලන නායකයෝ පවා අපිට දකින්නට ඉන්නවා?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

අට පාස් මිනිස්සු තමයි ගිහිල්ලා යුද්ධ කළේ. ඇයි ඩිග්‍රි තියෙන කට්ටිය ඒකට ආවේ නෑ. අට පාස් කියලා කියන්න හොඳ නෑ, එයා තියන්න ඕනේ උතුම්ම තැන, අට පාස් සෙබළා නෙවෙයි. දිට්වා ආවත් කවුද යන්නේ? ඔය කියන මිනිස්සුද යන්නේ? මේ අපේ සෙබළු යන්න ඕනේ.
ප්‍රශ්නය
කාලෙන් කාලයට ඒ විජයග්‍රහණ සැමරුම් අඩු වෙලා, ‘ඒවාට වියදම් කරන මුදල් අපරාදේ, කාලය අපරාදේ, බොරු වැඩ’ කියන මට්ටමටත් ඇවිල්ලා අද වනවිට විජයග්‍රහණ සැමරුම පුංචි උත්සවයකට සීමාවෙලා තියෙනවා?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්

මම ඇත්ත වශයෙන්ම සතුටු වෙන්නේ නෑ. මොකද විජයග්‍රහණයක් නම් ඒ විජයග්‍රහණයට ඒ ස්ථානය දෙන්න ඕනේ. හොඳට දැනුවත් වෙන්න. දේශපාලනඥයන් පමණක් කියන දේ අහන්න එපා. දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න. හුඟාක් තියෙනවා ඔබ නොදැනුවත්ව ඔබ මෙහෙයවන බලවේග.

SendShareShare
Previous Post

බැරි වැඩ කරනවාට වඩා හොඳයි නොකර ඉන්නවා…! කොමඩි නිසා සීරියස් ඒවා මිස් වෙයි කියලා බය හිතුණා…! නිරෝෂා තලගල I Sri Lanka Latest News

Next Post

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.