නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ 13ක් පිටත්කර යවා තිබේ.Sri Lanka Latest News
අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබේ.
කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටී.
මේ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න හේතුවෙන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම නිවසේ සිරවී සිටි දරුවන් දෙදෙනා සහ කාන්තාවක් බේරාගෙන රෝහල්ගත කර තිබේ.










