ජූලි 13 වන දා තමන් ඉල්ලා අස්වන බව, ජූලි 09 වන දා පැවති දැවැන්ත මහජන විරෝධය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට ප්‍රකාශ කර තිබුණි.
ජනාධිපතිවරයාගේ ඉවත්වීම පිළිබදව නිවේදනය අද පස්වරුව වන විටත් නොලැබෙන විට, කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, අද දිනය තුළ නිසැක වශයෙන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබෙන බවයි.
ජූලි මාසයේ 13 වන දා අවසන් වී මේ වන විට ජූලි මාසයේ 14 වන දා උදා වී තිබේ.
ඒත් තවමත් ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ නිල ලිපිය ඉදිරිපත් කර නැත.










