එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක තනතුරු සදහා අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ජන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වූ රුවන් විජයවර්ධන මහතා ජයග්‍රහණය කර ඇත.
එහිදී රුවන් විජයවර්ධන මහතා සමග රවි කරුණානායක මහතා නියෝජ්‍ය නායක සටනට ඉදිරිපත්ව ඇත.
මුලදී වජිර අබේවර්ධන මහතාද එම සටනට පිවිස සිටියත් තමන් තරග කරන්නේ පක්ෂ නායක තනතුරට බව කියමින් වජිර අබේවර්ධන මහතා තරගයෙන් ඉවත්ව තිබේ.
ඒ අනුව රවි කරුණානායක මහතා වෙනුවෙන් කරු ජයසූරිය සහ නවීන් දිසානායක යන මහත්වරුන් ජන්ද එකතු කිරීමේ ව්‍යාපාරයක්ද දියත් කර තිබිණ.
රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම ජන්ද එකතු කිරීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව පැවැති රහස් ජන්දයෙන් රුවන් විජයවර්ධන මහතාට ජන්ද 28කුත්, රවි කරුණානායක මහතාට ජන්ද 10කුත් ලැබී ඇත.
වික්‍රමසිංහ මහතා ජන්දය භාවිත කර නැති අතර විජයකලා මහේෂ්වරන් මහත්මිය අද රැස්වීමට සහභාගී වී නැත.