13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සර්වපාක්ෂික හමුවක් කැඳවීමට නියමිත බව අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි.Sri Lanka Latest News
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් සියලු පළාත්වලට ස්වයං පාලනයක් ලැබෙන බවට තේරුම් ගත යුතු බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉන්දීය නිල සංචාරයට එක් වූ ජල සම්පත් හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා එන්.ඩී.ටීවී මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ බව සඳහන් කර තිබේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම අවසන් කිරීමට අපට ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ මෙවලමක් බව ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
ආර්ථික අර්බුදය, වසංගතය සහ තවත් බොහෝ ගැටලු ඔස්සේ මේ වනවිට රට නිවැරදි මාර්ගයට පැමිණ ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ වර්ධන දශකය වනු ඇති බව අමාත්‍යවරයා පවසයි.
ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් මානූෂීය ප්‍රවේශයක ස්ථිර විසඳුමක් සඳහා කටයුතු කරන බවද ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.










