අඟුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (22) උදේ අත්අඩංගුවට ගැනීමට අඟුරුවාතොට පොලිසිය සමත්ව ඇත. (Sri Lanka Latest News)
අඟුරුවාතොට වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි හමුදාවෙන් පලාගොස් සිටි, මියගිය තරුණ මවගේ සැමියාගේ මස්සිනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා මොහොතේ කතුරකින් උදරයට ඇන ගැනීමට උත්සාහ කර ඇති බවත්, එයින් තුවාල සිදුව ඇති බවත් සදහන් වේ. මේ වනවිට ඔහුව කළුතර රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
lankasara










