• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇල්ලේ අනතුරින් මැරුණු 15න් 12ක්ම තංගල්ල නගර සභාවේ අය! මියගිය අය අතර නගර සභා ලේකම්වරයාත් ඉන්නවා! Sri Lanka Latest News

September 5, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ඇල්ලේ අනතුරින් මැරුණු 15න් 12ක්ම තංගල්ල නගර සභාවේ අය! මියගිය අය අතර නගර සභා ලේකම්වරයාත් ඉන්නවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.Sri Lanka Latest News

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, රියැදුරු සමග බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති බව ය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී ඊයේ (සැප්. 4) රාත්‍රී 9:00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුව ඇත්තේ කෙසේ ද?

බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පැවසීය.

දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අනතුරට ලක් වූ පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ය.

පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලිසිය, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය

අනතුරට ලක්ව ඇත්තේ කවුද?

මෙම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු කාන්තාවන් 9 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු, පිරිමි ළමුන් 3 දෙනෙකු සහ ගැහැනු ළමුන් 2 දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එමෙන් ම, බස් රථයේ පිරිස මුදා ගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

මිය ගිය පිරිස අතර ළමුන් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.

“ළමුන් මිය ගිහින් නැහැ, ළමුන් 5 දෙනෙක් තුවාල ලබා තියෙනවා,” ඔහු සඳහන් කළේ ය.

මිය ගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සේවකයින් 12ක්

බස් රථයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් ගමන් කරමින් සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මිය ගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සේවකයින් 12 දෙනෙකු සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් බීබීසී සිංහල කළ විමසීමකදී තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, එක් සේවිකාවක අතුරුදන් බව ත් ඇය සොයා මෙහෙයුම් සිදු කෙරෙන බව ත් ය.

ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට

අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය. මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුළ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අනතුරට හේතුව කුමක් ද?

බස් රථයේ අධික වේගය සහ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය.

අනතුරට හේතුව සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

“[බස් රථයේ] අධික වේගය සහ අධික වේගය නිසා පාලනය කර ගැනීමට නොහැකි වීම.”

bbc.com/sinhala

SendShareShare
Previous Post

හෙට කොළඹ අයට පැය 9ක් වතුර නැතිව ඉන්නයි වෙන්නේ! I Sri Lanka Latest News

Next Post

බස් එකේ බ්‍රේක් නැතිවුණා..! ජිප් එකේ වැදිලා පෙරළුණා..! අඩි 500ක් හෙළට වැටිලා 15 දෙනෙක් එකතැන මැරෙද්දී බස් එක ඇතුළේ ඉඳන් හාස්කමකින් ජීවිතය බේරාගත් කෙනෙක් මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.