අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (06) කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.Sri Lanka Latest News
ඒ අනුව, පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළඹ 01 සිට 15 දක්වාත්,
බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය. මිරිහාන. මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව. IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ සඳහාත් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.










