තමන් ඇතුළු සමගි ජන බලවේගය, හුස්ම හරහා රුපියල් ලක්ෂ 1600ක ආධාර උපකාර සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉටු කොට ඇති බවත්, ලක්ෂ 1700 කට වැඩි ප්‍රමාණයක බස්රථ පාසල් සඳහා පරිත්‍යාග කොට ඇති බවත්, සක්වල හරහා ද දැවැන්ත වැඩ කොටසක් ඉටු කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සියල්ල සිදු කරන්නේ බලය හෝ තනතුරු තාන්න මාන්න ඇතිව නොවන බවත්, සාම්ප්‍රදායික ක්‍රියාවලියකින් ඔබ්බට ගොස් නවීන විපක්ෂයක් ලෙස බවත් විපක්ෂ නායකතුමා පැවසීය.










