අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම විශේෂ සාකච්ජාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ඇත.
ලබන සඳුදා (04) පෙරවරු 11.00ට මෙම හමුව පැවැත්වීමට අගමැතිවරයා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට දේශපාලන පක්ෂ කිහිපයක්ම කර ඇති ඉල්ලීම පිළිබදව මෙහිදී සාකච්ජා වනු ඇති බවද දැනගන්නට තිබේ.










