දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 27වන ගුණානුස්මරණය නිමිතිකොටගෙන ‘ජනසුවය’ නිර්මාතෘ සජිත් ප්‍රේමදාස මහතා විසින්, සුවහසක් වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවීලන යන්ත්‍ර (Dialysis machine) දෙකක් පරිත්‍යාග කරනු ලැබ තිබේ.
ජනසුවය සමාජ සත්කාර ක්‍රියාන්විතයේ තුන්වන අදියර ලෙස මෙම අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබූ අතර එක් යන්ත්‍රයක් රුපියල් 2,275,000/= (විසි දෙලක්ෂ හැත්තෑපන්දහසක්)වූ අතර යන්ත්‍ර දෙකෙහි මූල්‍යමය වටිනාකම රුපියල් 4,550,000/= (හතළිස් පන්ලක්ෂ පනස්දහසක්) විය.
මීට පෙර අදියර දෙකක් යටතේ ජනසුවය හරහා ලක්ෂ 60ක් ඉක්මවූ රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.











