හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ කොළඹ 02 හයිඩ් පාක් පෙදෙසේ නිවෙසට සොරු පැන වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ගොස් ඇති බවට කොම්පඤ්ඤවීදය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
පසුගිය 24-27 යන දින කිහිපය ඇතුළත මෙම සොරකම සිදුව ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ලක්ෂ 13ක් පමණ වටිනා අත්ඔරලෝසුවක්, ඉපැරණි චිත්‍ර කිහිපයක් සොරාගෙන ගොස් ඇති බවද වාර්තා වේ.
කොම්පඤ්ඤවීදය පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන ආරම්භ කොට ඇත.










