දෙයියන්දර කණිෂ්ඨ පාසල වෙනත් සංවර්ධන කටයුත්තක් සදහා යැයි කියමින් දෙයියන්දර ප්‍රාදේශීය සභාව මගින් කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පාසල වසර 150ක් පැරණි ළමුන් 1200ක් පමණ අධ්‍යාපනය ලැබූ ගොඩනැගිලි 11කින් පමණ සමන්විතව තිබූ පාසලක් බවකි.
ඒ අනුව මෙහි ඉගෙනුම ලැබූ සිසුන්ට තාවකාලිකව වෙනත් පර්චස් 80ක පමණ ඉඩමක් ලබා දීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.










