හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ නැගණිය වන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක විසින් පරීක්ෂණ හරහා සිදුවන මුදල් උපයා ගැනීමක් පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදු කර ඇත.
ඇය විදේශගතව සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයට යොමු කර ඇති අතර නිරෝධායනය වන කාලය සඳහා රුපියල් 175,000ක මුදලක් අය කර ඇත.
එමෙන්ම ඇය මෙරටට පැමිණීමේදී පරීක්ෂණ සඳහා තවත් රුපියල් 25,000ක පමණ මුදලක් අය කර තිබේ.
නමුත් ඇයගේ නිරෝධායන කාලය අවසන් වන අවස්ථාවේදී ඇයට දැනුම්දී ඇත්තේ ඇයගෙන් ලබාගත් සාම්පල නිර්වද්‍ය නොවන බැවින් නැවත කළ යුතු බවත් ඒ වෙනුවෙන් නැවතත් මුදල් ගෙවිය යුතු බවත්ය.
නමුත් මේ පිළිබඳව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔවුන් විසින් සියළු සාම්පල අස්ථාන කර ඇති බැවින් මෙලෙස නැවත ලබා ගන්නා ලෙස පවසන බවයි.
ඒ වෙනුවෙන් නැවතත් මුදල් ගෙවීමට ප්‍රතික්ෂේප කිරීමේදී එසේ නොකර පිටත් වුවහොත් ඇයව අත් අඩංගුවට ගන්නා බවට තර්ජනය කළ බව ඇය පවසයි.
එම වීඩියෝව පහළින්.











