කිලිනොච්චි දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 24 තුළින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.
අද (30) උදෑසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5630ක් වේ.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 2960 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1760ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් මෙලෙස වාර්තා වී තිබේ.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144ක්, පුත්තලමෙන් ආසාදිතයින් 68ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් වාර්තා වී ඇත.










