මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අතර එය තවත් තීව්‍ර කරමින් එහි මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් අතුරුදන් වී ඇති බවද දැනගන්නට තිබේ.
මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමියන් විසින්, තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත පෙරේදා (07) ලබාදී ඇති බවය.
කෙසේවෙතත් මේ වන විට එම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර යම් තරගකාරිත්වයක් ඇති වී ඇති අතර පක්ෂය විසින් තීරණය කර ඇත්තේ ඥානසාර හිමියන් ඒ සඳහා පත් කිරීමටය.