හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා අරමුදලේ මුදල් වියදම් කර ජනපතිවරණය අභියස කරන ලද ස්පෝර්ට්ස් ෆියෙස්ටා නම් දැවැන්ත සැණකෙළිය සම්බන්ධව විගණනයක් ඉල්ලා සිටීමට ක්‍රීඩා අමාත්‍යාශ නිලධාරීන්ම සූදානම් වනවා.Sri Lanka Latest News
රුපියල් ලක්ෂ 400 ක් පමණ වියදම් කළ මේ දැවැන්ත සැනකෙළිය අතර පැවැත්වූ සංගීත සංදර්ශන වලටද විශාල මුදලක් නිකරුණේ වියදම් කළ බවත් ඒ අතර ක්‍රිඩාව සඳහා වෙන් කර තිබූ අරමුදල් වංචා සහගත ලෙස යටිමඩි ගසාගෙන ඇති බවත් ඔවුහු පෙන්වා දෙනවා.
ක්‍රීඩා ප්‍රවර්ධනය කෙසේ වෙත්ත මේ ඉලක්ක ගත අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ඉහළ නන්වන දේශපාලන ව්‍යාපෘතියක් බව ඔවුහු පෙන්වා දෙනවා.









