• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු ලෝකෙම ඇස් ඇරවපු යුරෝපියන් ස්ටයිල් ශ්‍රී ලංකන් ඉලෙක්ෂන් එක! Sri Lanka Latest News

September 28, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය අවසන්. ජනාධිපති කෙනෙක් පත්වෙලා, හිටපු ජනාධිපති ඉවත්වෙලා ගිහිල්ලා. ලංකා ඉතිහාසයේ තීරණාත්මක බල වෙනස වෙලා, ඒත් එහෙම එකක් දැනෙනවද? නෑ රට පුරාම කිසිම කලබලයක් නෑ. කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වෙන්නෙත් නෑ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂකයෝ කියන්නෙ මේක ඉතිහාසයේ දැක්ක සාධාරණම සහ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණය කියලා. ඒක හරිම පුදුම දෙයක්. අපි වෙනදා දැක්කෙ කණ්ඩායම් දෙකක් අතර බල හුවමාරුවක්. ඒ අතර මනුෂ්‍ය ඝාතන කීයක් සිද්ධ වෙලා තියෙනවද? ඉස්සර අපිට මතකයි මැතිවරණ සමයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂකයෝ මේ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන් හදනවා. (Sri Lanka Latest News)

රූපවාහිනියේ ගුවන් විදුලියේ මේ ගැන ප්‍රවෘත්තිවලට කියනවා. අද දවසට වාර්තා වෙලා තියෙනවා ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව කියලා. අපි දැක්කා ඉස්සර ඒ ගැන පත්තරවල මුල් පිටුවේ පොල්ගෙඩි අකුරුවලින් පළවෙනවා. අච්චර ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙලා, මෙච්චර ගානක් මියගිහිල්ලා කියලා.
ඡන්දයට කලින් බොහෝ දෙනෙක් ලෑස්ති වෙලා හිටියේ. බොහෝ දෙනාගේ හිතේ තිබුණා මොකක් හරි දෙයක් වෙයි කියලා ඒ දැවැන්ත බල හුවමාරුවක් වෙනකොට. ඒක අපිට දැකල දැකල පුරුදු වෙලා තියෙන්නේ. ඡන්දයට පෙර කාලයේදී රටේ තිබුණු දේශපාලන තත්ත්වය ගැන අපි ඇත්තටම ඉතාම උනන්දුවෙන් බලාගෙන හිටියා. මැතිවරණය මොහොතේදී අපි දැක්කේ ඉතාම තරගකාරී ස්වභාවක්.

මේ වතාවේ අපේක්ෂකයොත් දෙන්නෙක් වෙනුවට කණ්ඩායම් කිහිපයක්ම තරග කළා. ඒ කණ්ඩායම් අතර ප්‍රබල කණ්ඩායම් කීපයක්ම තිබුණා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කණ්ඩායම ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාගේ කණ්ඩායම නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමාගේ කණ්ඩායම ඉතාම ප්‍රබලව දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදිලා හිටපු කණ්ඩායම්. එකිනෙකා අතර ඉතාම ප්‍රබල තරගකාරී ස්වභාවයක් තිබුණා.

ප්‍රතිඵලය මොකක් වුණත් මේ අය තරග කළේ කරට කර. හැම මැතිවරණ දිස්ත්‍රික්කයකම හැම ඡන්ද කොට්ඨාසයකම මේ හැමෝම තමන්ගේ දේශපාලන ක්‍රියාන්විතය දියත් කරමින් තිබුණා. ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය කරට කර රැස්වීම් තිබ්බා. ඔවුන් එකිනෙකට ඉතාම කිට්ටු තැන්වල මැතිවරණ කාර්යාල ගොඩනගලා තිබුණා. මේ අය එකිනෙකාට මුණගැහෙන විදිහට කැන්වසින් කළා. ඒත් මේ කිසිම තැනකදි මේ අය මහා පරිමාණව ගැටුණෙ නෑ.

මැතිවරණ දිනයේදී ඒක මැතිවරණ දිනයක් බවට නොදැනෙන තරමටම සාමකාමීව කටයුතු සිද්ධ වුණා. ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට වෙනදා සිදුවෙන කිසිදු ගැටුමක් මේ වතාවේ වාර්තා වුණේ නෑ. ඇත්තටම සම්ප්‍රදායක් විදියට ඡන්ද පෙට්ටිය උස්සන වෙලාවට පත්තු වෙන රතිඤ්ඤා ටිකවත් මේ වතාවේ පත්තු වුණේ නෑ.

ඡන්දය ගණින ස්ථානවල මෙදා සැරේ වෙනදාට වඩා විශාල පිරිසක් හිටියා. නමුත් ඒ තැන්වල කිසිදු ආකාරයක ගැටුමක් ගැන වාර්තා වුණේ නෑ. දෙවැනි මනාප ගනින්න වුණා. ඒ ප්‍රතිඵලය දකින කොට සාමාන්‍ය ජනතාව වුණු අපට පවා දැනුණෙ යම් ගැටලුකාරී බවක්. ඒත් එහෙමයි කියලා කවුරුවත් ගැටුණේ නෑ.
ඉන් පස්සෙ ප්‍රතිඵල ආවා. ජාතික ජන බලවේගය දිනන බව පෙනෙන්න පටන් ගත්තා. ඉරිදා උදේ වෙනකොට ඒක දැනුණා. නමුත් මේ ප්‍රතිශත ගැටලුවත් එක්ක දෙවැනි මනාප ගණින අතර මේ ජා.ජ.බ. පාක්ෂිකයො පුදුම සංයමයකින් මේ තත්ත්වය ඉවසුවා. මේ වෙලාවෙ විජිත හේරත් අමාත්‍ය තුමන් මහජනතාව අමතලා මේ ගැන පැහැදිලි කළා. ඒ වෙන කොටත් ප්‍රතිඵල නිකුත්වීමේ පුදුමසහගත පමාවක් තිබුණා. ඒක ඇත්තටම කලබල වෙනසුලු දෙයක්. නමුත් මිනිස්සු පුදුම විදියට ඉවසුවා.

රාත්‍රිය උදාවෙන කොට ප්‍රතිඵලය ආවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති ඉතාම සාමකාමීව සමුගෙන ගියා. ඔහු ක්‍රමවත්ව ඇඳිරිනීතිය යොදන්නත් අවශ්‍ය විදියට ඉවත්කරන්නත් කටයුතු හදලා තිබ්බා.

ඔහුගේ මේ ක්‍රියාකලාපය සියලු දෙනාගෙ පැසසුමට ලක්වුණා. ඔහු මහත්තයෙක් වගේ ඉවත්ව ගියා.
ඉන් පස්සෙ උදාවුණේ ජයහ්‍රාහකයාගේ වාරය. ඔවුන් ජයගත්තා. ඉතිහාසය වෙනස් කරමින් ජයගත්තා. බලාපොරොත්තුවල මල් පිපුණා. නමුත් කිසිම තැනක පැරදුණු අයට වචනයකින් හෝ කරදරයක් වුණේ නෑ. පාරක් පාරක් ගානේ ජෝගි නැටුවෙ නෑ. කිරිබත් දන්සල් දුන්නෙ නෑ. කොඩි අරගෙන පෙළපාළි ගියෙ නෑ. ජයග්‍රහණය රටේම ජයග්‍රහණයක් කියලා හිතෙන විදියට ඔවුන් හැසිරුණා.

මේ අතර සජබයටත් ගරු බුහුමන් ලැබිය යුතු තැනක් තියෙනවා. විනිවිද බවකින් තොර අක්‍රමවත් දෙවැනි මනාප සෙල්ලම ඔවුන් ඉවසා සිටියා. සමහර තැන්වල ඇත්තටම මේ දෙවැනි මනාප ගැනීම ගැටලුකාරී වුණත් ඔවුන් ඒක එතැනින් ඉවර කළා. සජිත් අනුරට අතට අත දීලා ගෙදර ගියා. ඡන්දෙ ඉවර වුණා.
අනුර දිනුවා. ඒත් එහෙමයි කියලා කවුරුවත් පැරදිලා නෑ. අනුර ජාතික ජන බලවේගයේ ජනාධිපති නෙමේ. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපති. රටේ නායකයා ඔහු.
ඒක සාමාන්‍ය ජනතාව දැන ඉන්න ඕනෙ. කවුරු ආවත් ඒක වෙනස් කරන්න බෑ. ඒක හැමෝම දැං පිළිඅරගෙන ඉවරයි. මේ වගේ දේශපාලන වටපිටාවක් හැදුව හැමෝටම ස්තුතියි. මැතිවරණ කොමසාරිස් සහ කොමිසමේ අය, කොමිසමේ රාජකාරි කළ අය,මැතිවරණ නිරීක්ෂකයො, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුව සහ රනිල්ගේ පිලේ සිටි අය, සජබය, ජාජබය ඇතුළු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෙ පැය විසිහතරක් ගතවෙන්නට පෙරම ප්‍රකෘති තත්ත්වයට පත්වුණු සාමාන්‍ය රටක් අපිට දුන්නට. ජය සහ පරාජය දරාගනිමින් මැතිවරණය ශ්‍රී ලංකාවෙ එකකට වඩා යුරෝපයේ එකක ස්වරූපයක් නිර්මාණය කළාට. මේ මැතිවරණය වයඹ ඡන්දය වගේම ඊට හාත්පස වෙනස් එකක් විදියට ඉතිහාසයට එක් වේවි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල්ගේ නිව්ස් ප්ලාන්ට් කල්ලිය රටේ මිනිස්සු අන්දන්න දාපු තවත් ලොකු බොරුවක් අතේම පත්තුවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හරීන්ටත් බඩු පත්තු වෙන්නයි යන්නේ! ක්‍රීඩාව නංවන්න දීපු සල්ලිවලින් ජනාධිපතිවරණය කට මුල තියා රනිල්ව උස්සන්න කෝටි 4ක සැණකෙළි තියලා! සල්ලි යටිමඩි ගහලා! ඇතුළෙන්ම විගණනයක් ඉල්ලයි!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.