සිය එකම පුතා මියගිය පුවත අසා දැඩි ශෝකයට පත් මවක් හෘදයාබාධයක් වැළදී මියයාමේ පුවතක් වවුනියාව නෙදුන්කර්නි ප්‍රදේශයෙන් වාර්තා වේ.
43 හැවිරිදි රාජරත්නම් කනකරාජා ගවයන් රැලක් දක්කාගෙන යාමේදී රැලේ සිටි එක් ගවයකු ඇනීමෙන් තුවාල ලබා රෝහල්ගත කොට තිබිණ.
නමුත් එහිදී ඔහු මියගොස් ඇති අතර ඒ පුවත අසා මවද හදිසි හෘදයාබාධයක් වැලදී මියගොස් තිබේ.
දෙදෙනාම අද (6) දින එකම ස්ථානයක මිහිදන් කිරීමට නියමිතය.










