ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට අද අලුයම් යුද හමුදාව ඇතුල්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
ඒ, අද අලුයම 1.00 ට පමණ යුද හමුදා භට පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් පැමිණ “ගෝඨා ගෝ ගම” අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත්කරමින් ඉදිරියට පැමිණිමත් සමගයි.
මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය සහ එහි පිවිසුම් ගේට්ටුව (Gate Zero) යුද හමුදාව සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට අරගලකරුවන් ඔවුන් රැඳී සිටින කුඩාරම් ඉදිකළ ස්ථානයේ රැඳී සිටින අතර යුද හමුදාව ඊට මිටර් කිහිපයක් දුරින් ස්ථානගතවී සිටින බවයි වාර්තා වන්නේ.










