ආරක්ෂක අංශ විසින් ගෝඨාගෝගම පරිශ්‍රය ඉවත් කිරීමට බලය යෙදීමත් සමග ශ්‍රී ලංකා නීතීඥ සංගමයද නිවේදනයක් නිකුත් කොට ඇත.
එහි සදහන් වන්නේ, අනවශ්‍ය ලෙස බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට යහපතක් නොවනු ඇති බවකි.
එම සංගමයේ සභාපතී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා නිකුත් කළ එම පණිවුඩය මෙසේය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු මා දැනුවත් කර තිබෙනවා. විස්තර දළ වශයෙන් වුවත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මට දැනගන්නට ලැබුණා. ජනතාවට පහර දීලා තියෙනවා කියලාත් වාර්තා වුණා. බලධාරීන් සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහතික කළ යුතු අතර ඔවුන් සිටින ස්ථානය දැනගත යුතුය. මම පොලිස්පතිතුමා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර හමුදාපතිවරයාට ද පණිවිඩයක් යැව්වා. අනවශ්‍ය ලෙස බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට යහපතක් නොවනු ඇත.










