සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත් වූ සියලුදෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ වනවිට එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හටගත් කොවිඩ් පොකුර 1083ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි බොහෝ සේවකයින් මේ වනවිට PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබේ.










